(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 19 පස්වරු 12.01ට)
හැටන් සමනලගම ප්‍රදේශයේ කොටසක් සැප්තැම්බර් 19 වන දින අලුයම නාය යෑමට ලක්ව තිබෙනවා. මධ්‍යම කඳුකරයේ තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස සමනළගම ප්‍රදේශය නායයෑම ලක්ව තිබෙන බව වාර්තා වේ.
එම ප්‍රදේශයට පිවිසෙන කෙටි මාර්ගයක යාබද කොටසක් ඊට පහතින් පිහිටි හැටන් නගරයේ වෙලදසැල දෙකක් අතරට පස් කන්ද නාය ගොස් ඇති බව හැටන් පොලිසිය සඳහන් කරයි. එමෙන්ම, තවදුරටත් වැසි ලැබුණහොත් සමනලගමට පිවිසෙන කෙටි මාර්ගයේ තවත් කොටසක් ද නායයාමේ අවදානමක් පවතින බව සමනලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් කියා සිටියි.
හැටන් සමනලගම ප්‍රදේශය නායයාමේ අවදානම් සහිත ප්‍රදේශයක් බවට ජාතින ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හදුනාගෙන එහි පදිංචිකරුවන් කිහිප දෙනෙකුට ඉවත් වෙන ලෙසට මේ වන විටත් උපදෙස් ලබා දි ඇත.
මීට අමතරව, පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
පසුගිය පැය 24 පුරා එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පැවතීම හේතුවෙන් මෙම නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානය සඳහන් කළේ ය.
මේ අතර, දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බැවින් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය සැපැතැම්බර් 19 වන දිනයේ දී ද තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

