(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 19 පස්වරු 9.00)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැප්තැම්බර් 19 වන දින පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකවක නිරත විය.
ප්‍රථමයෙන් ජනාධිපතිවරයා මදුරන්කුලිය, වාලච්චේන වතුයායේ ක්‍රියාකාරකම් විමසා බැලීය. මෙහි අක්කර 900ක භූමි ප්‍රදේශයක පොල් එළවළු ඇතුළු භෝග වර්ග කිහිපයක් වගාකර තබෛන අතර අක්කර 10ක භූමිභාගයක සාර්ථකව කරගෙන යන ආදර්ශ මිදි වගාව එහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.
ඉතාලි රජයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු පරිත්‍යාගයකින් ඉදිකළ කෘෂි තාක්ෂණ ආයතනය ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණ. සිසුන් 50 දෙනෙකුට නේවාසික ප්‍රායෝගික පුහුණුව දිය හැකි පරිදි එම ආයතනය සැලසුම් කර ඇත. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී දරු දැරියන් පුහුණු කිරීමට මෙහි වැඩි අවස්ථාව සලසන බව කාදිනල් හිමිපාණෝ එම අවස්ථාවේ දී සඳහන් කළහ. එම ආයතනය කොළඹ අගරදගුරු මන්දිරයේ අධික්ෂණය යටතේ ආයතනය පාලනය වන අතර පුහුණු මධ්‍යස්ථානයේ පියතුමන් සමඟ ද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත විය.
මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරු දැරියන් සමග පිළිසඳර කතාවෙන් මද වේලාවක් ගත කළේය. විද්‍යාලයේ ක්‍රීඩාංගණය ඉදි කර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම එම අවස්ථාවේ දී ම යුද හමුදාපතිවරයාට දැනුම් දුන් ජනාධිපතිතුමා කඩිනමින් එය ඉදිකර දෙන්නැයි පැවසීය. එමෙන්ම, මාර්ගයේ අනෙක් පස පිහිටි ප්‍රාථමික විද්‍යාලය සම්බන්ධ කරමින් ගුවන් පාලමක් තනා දෙන ලෙස ජනාධිපතිතුමා විසින් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දෙනු ලැබීය.
ඉන්පසුව, මදුරන්කුලිය වාලච්චේන සිට දළුව ප්‍රදේශයට ගමන්ගත් ජනාධිපතිතුමා මග දෙපස රැස්ව සිටි ජනතාව සමග සුහද කතාබහක නිරත විය. බීට්, දුම්කොළ, අමුමිරිස් සහ ලූණු වගාබිම් නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා වගාවන් සඳහා හා ගොවි ජනතාව දිරිමත් කළේය.
දළුව, නිර්මලපුර සුළං විදුලි බලාගාරය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න චාරිකාවට එක්ව සිටියහ.

