දේශීය පුවත්

කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් අනෙක් දෙදෙනාගේ සිරුරු සොයා ගනියි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 20 පස්වරු 03.34)

මහනුවර බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතරට යට වී සිටි අඹුසැමි යුවළගේ සිරුරු ගොඩගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කරයි.

සැප්තැම්බර් 20 වන දින අලුයම ගිලා බැස තිබූ ගොඩනැගිල්ල අසල නිවසේ මෙම අඹුසැමි යුවළ, බිළිඳා සහ කාන්තාවන් දෙදෙනෙක් සිට ඇත. ඉන් කාන්තාවන් දෙදෙනා අනතුර සිදුවූ අවස්ථාවේදී ම බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට හා පොලිස් නිලධාරීන්ට හැකිව තිබෙනවා. මාස එකහමාරක් පමණ වයසැති බිළිඳා සුන්බුන් අතර සිටියදී අද පෙරවරුවේ සොයාගත් අතර බිළිඳා ද ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

වැඩිදුර කියවන්න

Rivira FB Group Rivira Youtube
To Top