News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයි පෑඩ් ලබා දීමේ සැලසුමක්

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 20 පස්වරු 03.51)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටයුතු පහසු කර ගැනීමට මෙන්ම ලේඛන කටයුතු සඳහා වැය වන කාලය හා මුදල් ඉතිරි කර ගැනිම සඳහා මන්ත්‍රීවරුනට අයිපෑඩ්(Ipad) ලබා දීමට සැලසුම් කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

ඔහු සඳහන් කළේ, එමගින් පාර්ලිමේන්තු සභාවේ කටයුතු හා න්‍යාය පත්‍ර වැනි දෑ සියල්ල ඔවුන් වෙත පහසුවෙන් ලබාදීමට හැකි බවයි.

දැනට මන්ත්‍රීවරුන්ට අවශ්‍ය සියලු ලේඛන, ලියකියවිලි ලෙස ඔවුන්ට ලබා දීම සිදු වන අතර මේ හේතුවෙන් අනවශ්‍ය මුදල් නාස්තියක් මෙන්ම කාලය අපතේ යාමක් ද සිදුවේ.තවද, මන්ත්‍රීවරුන්ගේ මේස මත විශාල ලෙස ලිපි ලේඛන ගොඩගැසීමෙන් ඔවුන්ගේ කටයුතුවලට ද ඇතැම් විට බාධා එල්ල වන බව ද කතානායකවරයා පැවසුවේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ, අයිපෑඩ් යන්ත්‍ර ලබා දීමෙන් මෙම සෑම ලේඛනයක්ම ඊමේල් හා වෙනත් මෘදුකාංග හරහා ඉතා පහසුවෙන් ඔවුන්ට ලබාදීමට හැකි වන බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top