(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 22 පස්වරු 05.46ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සැප්තැම්බර් 22 වන අහරුවාදා පස්වරු 05.00 වන විට 3,299ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,118කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 168ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. සක්‍රීය ආසාදිතයින් අතර විදේශිකයින් 10 දෙනෙකු ද සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 65ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 94.5%ක් ලෙසත් මරණ අනුපාතය 0.39%ක් ලෙසත් වාර්තා වේ.
දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 18 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.
- IDH රෝහල – 05
- වැලිකන්ද මූලික රෝහල – 07
- ඉරණවිල රෝහල – 06
මේ වන විට, වාර්තා වූ සමස්ත ආසාදිතයින් 3,299 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- කන්දකාඩු කොරෝනා පොකුර – 650
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 1,330
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 56
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
- වෙනත් – 313 (දැනට අක්‍රීයයි)
ඒ අනුව, මේ වන විට සිටින සක්‍රීය ආසාදිතයින් 168 අතුරින්,
- IDH රෝහල – 52
- වැලිකන්ද මූලික රෝහල – 57
- මුල්ලේරියාව මූලික රෝහල – 03
- ඉරණවිල මූලික රෝහල – 34
- කාත්තන්කුඩි මූලික රෝහල – 00
- හෝමාගම මූලික රෝහල – 00
- මිනුවන්ගොඩ මූලික රෝහල – 00
- යුද හමුදා රෝහල පනාගොඩ – 00
- කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 00
- හම්බන්තොට මහ රෝහල – 22
එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 647 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 03 දෙනෙකු පමණයි.
එමෙන්ම, මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 270,881ක් වන අතර සැප්තැම්බර් 21 දින පරීක්ෂණ 1,398ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

