(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 22 පස්වරු 01.20ට)
2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳ සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔක්තෝම්බර් 05 දින ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සැප්තැම්බර් 22 දින දැනුම් දී තිබෙනවා.
සැප්තැම්බර් 22 දින හිටපු පොලිස්පති ජූජිත් ජයසුන්දර සාක්ෂි ලබාදෙන අවස්ථාවේ නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වූ හිටපු ජනාධිපතිවරයා වෙත එම දැනුම් දීම සිදු කළ අතර සාක්ෂි විමසීම පැය 2ක් පමණ නිරීක්ෂණය කිරීමෙන් පසු පස්වරු 12ට පමණ එම පරිශ්‍රයෙන් හිටපු ජනාධිපතිවරයා පිට වී ගියා.
මීට අමතරව එම ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද කොමිසම හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ඔක්තෝම්බර් 06 දින කොමිසම හමුවේ පෙනී සිටින්නැයි කොමිසම රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී තිබෙනවා.
මීට පෙර හිටපු ජනාධිපතිවරයාගෙන් සහ හිටපු අගමැතිවරයාගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය විසින් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.

