(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 22 පස්වරු 02.09ට)
වෙඩි තබා ඝාතනය කරන ලද කොටියෙකුගේ සිරුරක් මස්කෙළිය ප්‍රදේශයේ තේ වත්තකින් සැප්තැම්බර් 21 දින සොයා ගෙන තිබෙනවා.
නල්ලතන්නිය වනජීවී කාර්යාලය සඳහන් කළේ හිසට වෙඩි තබා ඝාතනය කර තිබු කදුකර කොටි ධේනුවකගේ සිරුරක් මෙලෙසෙ සොයාගෙන ඇති බවයි. එසේම කොටි ධේනුවගේ සිරුර සොයාගෙන ඇත්තේ මස්කෙලිය පොලිස් වසමේ බ්‍රවුන්ලෝ තේ වත්තේන් බව ද එම කාර්යාලයේ වනජීවී අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළා.
අවුරුදු 06ක් පමණ වයසැති කොටියා දැක ඇති තේ වත්තේ කම්කරුවන් කළ දැනුම් දීමක් මත කොටියාගේ සිරුර සොයගත් බව ද ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළා. මිය ගිය කොටි ධේනුවගේ සිරුර, පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් අදාළ නීතිමය පියවර ගැනීමට ද නියමිත බව එම කාර්යාලය සඳහන් කළා.
එමෙන්ම පසුගිය වසර 10 කාලය තුළ මෙරට කොටින් 40කට අධික ප්‍රමාණයක් වෙඩි තැබීම්වලින් සහ උගුල්වලට හසුවීමෙන් මිය ගොස් ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

