(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 22 පස්වරු 02.58ට)
ආනවිළුන්දාව රැම්සා රක්ෂිතයට අයත් ප්‍රදේශයක් අනවසරයෙන් එළි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි වරෙන්තු නිකුත් කර සිටි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත සැප්තැම්බර් 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය සැප්තැම්බර් 22 දින නියම කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්ත අත්අඩංගුවට ගැනීම සඳහා සැප්තැම්බර් 21 දින පොලීසිය විසින් අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගෙන තිබීම හේතුවෙන් ජගත් සමන්ත අධිකරණය වෙත භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඉස්සන් වගාවක් සඳහා මෙලෙසෙ ආරච්චිකට්ටටුව ආනවිළුන්දාව “රැම්සා රක්ෂිතයට“ අයත් ප්‍රදේශයක් නිසි අනුමැතියකින් තොරව ඩෝසර් කිරීම පිළිබඳව මීට පෙර ව්‍යාපාරිකයෙකු සහ ඩෝසර් යන්ත්‍රයේ රියදුරු අත්අඩංගුවට ගෙන සිටි අතර අගෝස්තු 18 දින ඇප මත නිදහස් කර තිබෙනවා.
- ආනවිළුන්දාව ඩෝසර් කිරීම; ප්‍රබල දේශපාලකයෙකුගේ සොයුරෙක් ගැන බුද්ධි අංශ සොයයි
- ආනවිළුන්දාව ඩෝසර් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරයට
- ආනවිලුන්දාව අභයභූමිය ඩෝසර් කළ පුද්ගලයා අත්අඩංගුවට
- ආනවිලුන්දාව ඩෝසර් කිරීම ගැන වන ජීවි නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරයි

