(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 22 පස්වරු 03.22ට)
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් තෝරා පත් කරගෙන තිබේ. ඒ එහි පළමු හමුව සැප්තැම්බර් 22 දින පස්වරු 01.30ට සිදු වූ අවස්ථාවේ දී යි.
1967 සැප්තැම්බර් 09 දින උපන් චරිත හේරත් දර්ශනය පිළිබඳ සිය මූලික උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබා ගැනීමෙන් අනතුරුව 1995 වසරේ සිට 2020 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වන තෙක් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය වරයෙක් ලෙස සේවය කර තිබේ.
අමෙරිකාවේ ඔහයිඕ (Ohio) විශ්වවිද්‍යාලයෙන් සමාජ හා දේශපාලන දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇති අතර චීනයේ සිචුආන් විශ්වවිද්‍යාලයෙන් චීන-ශ්‍රී ලංකා සම්බන්ධතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා තිබේ.
කැළණිය විශ්වවිද්‍යාලයෙන් පරිසර ආචාරධර්මීය දාර්ශනික ප්‍රවේශය (Conservation in Environmental Ethics) පිළිබඳව ආචාර්ය උපාධිය ලබා ගෙන ඇති චරිත හේරත් 2020 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය ධූරයට පත්ව තිබේ.
මහාචාර්ය චරිත හේරත්, 2010-2012 කාලය තුළ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙසත්, 2012-2015 දක්වා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තුවට පිවිසියේය.
මීට පෙර එම කමිටුවේ සභාපතිධූරය දැරුවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසිනි.
09 වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සඳහා සාමාජිකයින් පත් කර කිරීම සැප්තැම්බර් 11 දින සිදු විණි. එහි දී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජිකයින් ලෙස පහත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කර ගැනීම සිදු විණි.
මහාචාර්ය චරිත හේරත් - සභාපති
මහින්ද අමරවීර
මහින්දානන්ද අලුත්ගමගේ
ආචාර්ය සරත් විරසේකර
ආචාර්ය නාලක ගොඩහේවා
අජිත් නිවාඩ් කබ්රාල්
නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත
රෝහිත අබේගුණවර්ධන
නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත්
දිලුම් අමුණුගම
ඉන්දික අනුරුද්ධ
ඩී.වී. චානක
නීතිඥ රවුෆ් හකීම්
අනුර කුමාර දිසානායක
පාඨලී චම්පික
ජගත් පුෂ්පකුමාර
ඉරාන් වික්‍රමරත්න
රන්ජන් රාමනායක
නලින් බණ්ඩාර
එස්.එම්. මරික්කාර්
සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම්
පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) යනු කුමක්ද?
1979.06.21 දින ස්ථාපනය කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජයේ වගකීමක් ඇති රාජ්‍ය සංස්ථා හා අර්ධ රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය විනය පවත්වාගෙන යෑම සහතික කිරීමයි.
ස්ථාවර නියෝග 126 යටතේ එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදීම ස්ථාපනය කරනු ලබන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පිළිබිඹු වන පරිදි සාමාජිකයින්ගෙන් සමන්විත වේ. කාරක සභාවේ ප්‍රථම සැසිවාරයේදී සාමාජිකයින් විසින් සභාපතිවරයකු පත්කර ගනු ලබන අතර එහි ගණපූරණය 04කි.
මෙම කාරක සභාවේ කාර්යය වනුයේ රාජ්‍ය සංස්ථා හා අනෙකුත් රාජ්‍ය ව්‍යාපාර ආයතනයන්හි පරීක්ෂා කරන ලද ගිණුම්, අයවැය හා ඇස්තමේන්තු, මූල්‍ය ක්‍රියාපටිපාටිය, කාර්යසාධනය හා කළමනාකරණය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමයි.

