මංතීරු නීතිය යළි වෙනස් කෙරෙයි, බස් මං තීරුවෙන් ත්‍රී රෝද/යතුරු පැදි ඉවතට
(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 22 පස්වරු 11.01ට)
කොළඹ නාගරික සීමාව තුළ ක්‍රියාත්මක මං තීරු නීතිය සැප්තැම්බර් 23 දින සිට යළිත් වෙනස් කර තිබෙනවා. නව කොන්දේසි අනුව බස් ප්‍රමුඛතා මංතීරුවේ ධාවනය කළ හැක්කේ ශ්‍රීලංගම බස් රථ, පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ, පාසල් සේවා බස් රථ හා වෑන් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථ යන වාහන කාණ්ඩයන්ට පමණයි.
එසේම මංතීරු 3ක් සහිත මාර්ගවලදී ත්‍රී රෝද රථ සහ යතුරු පැදි දෙවැනි මංතීරුව ද අනෙක් සියලුම වාහන දකුණු පස කෙළවර මංතීරුවේ ද ධාවනය කළ යුතු ය. එසේම මංතීරු දෙකක් පමණක් පවතින මාර්ගවලදී මගී ප්‍රවාහන බස් හා වෑන් රථ හැරුණු කොට අන් සියලුම වාහන දකුණු පස මං තීරුවෙන් ගමන් කළ යුතු ය.
එසේම යතුරු පැදි හැර අනෙකුත් වාහන මංතීරුවේ වම් පසින් ධාවනය කිරීම පොලීසිය අපේක්ෂා කරන අතර එහිදී මංතීරුවේ දකුණු පසින් යතුරු පැදි සඳහා ගමන් කිරීමට හැකිවන පරිදි ධාවනය කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනාරත්න පොලිස් මූලස්ථානයේ පැවති සැප්තැම්බර් 22 පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.