,
News

කෝපා කමිටුවේ සභාපති ධූරයට මහාචාර්ය තිස්ස විතාරණ පත් වෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 23 පස්වරු 06.45ට)

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ තෝරා පත් කරගෙන තිබේ. ඒ එහි පළමු හමුව සැප්තැම්බර් 23 දින පස්වරු 01.30ට සිදු වූ අවස්ථාවේ දී යි.

ලසන්ත අලගියවන්න විසින් ඔහුගේ නම යෝජනා කර ඇති අතර, උදය ගම්මන්පිල විසින් එය ස්ථීර කර ඇත.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සාමාජිකයින් පහතින් දැක්වේ.

  1. මහාචාර්ය තිස්ස විතාරණ – සභාපති
  2. නීතිඥ උදය ගම්මන්පිල
  3. දුමින්ද දිසානායක
  4. වෛද්‍ය උපුල් ගලප්පත්ති
  5. මහාචාර්ය රංජිත් බණ්ඩාර
  6. මහාචාර්ය ගුණපාල රත්නසේකර
  7. නීතිඥ දයාසිරි ජයසේකර
  8. ලසන්ත අලගිවන්න
  9. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
  10. ශෙහාන් සේමසිංහ
  11. ප්‍රසන්න රණවීර
  12. තිස්ස අත්තනායක
  13. හරීන් ප්‍රනාන්දු
  14. නිරෝෂන් පෙරේරා
  15. ෆයිසාල් කාසිම්
  16. අශෝක් අබේසිංහ
  17. බුද්ධික පතිරණ
  18. කේ.කාදර් මස්තාන්
  19. සිවඥනම් ශ්‍රීතරන්
  20. වීරසුමන වීරසිංහ
  21. මොහාමඩ් මුසම්මිල්
  22. ආචාර්ය හරිනි අමරසූරිය

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) යනු කුමක්ද?

මෙම කාරක සභාවේ කාර්යය වන්නේ පොදු විය හියදම් සඳහා පාර්ලිමේන්තුව විසින් දෙනු ලබන මුදල් ඒ ඒ කටයුතුවලට යෙදැවුණු අන්දම දැක්‌‌වෙන ගිණුම් පරීක්ෂා කිරීමයි.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ රජයේ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල, හා පළාත් පාලන ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව හා මූල්‍ය විනය පිළිබඳ සොයා බැලීමයි. ස්ථාවර නියෝග 125 යටතේ සාමාජිකයින්ගෙන් සමන්විත මෙම කාරක සභාව, එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදීම ස්ථාපිත කෙරේ. එය පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පිළිබිඹු කරන අතර එහි ගණපූරණය 04කි.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්ය භාරය වනුයේ පාර්ලිමේන්තුව විසින් වෙන් කරනු ලබන මුදල් විගණකාධිපතිවරයාගේ වාර්තාව සමග පරීක්ෂා කිරීමයි. සිය කටයුතු ඉටු කිරීමේදී කාරක සභාවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් වන අදාල අමාත්‍යාංශවල ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා වගකිවයුතු අනෙකුත් නිලධාරීන් යන අයගෙන් සාක්ෂි ලබා ගනී. එසේම කාරක සභාව රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය ගිණුම් හා ජාතික අයවැය යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් හෝ ඔවුන් විසින් නම් කරනු ලබන නියෝජිතයන් නිතිපතා කාරක සභාව හමුවට කැඳවයි.

සිය අමාත්‍යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තුවල මූල්‍ය කටයුතු පිළිබඳ පැහැදිලි කිරීම් හා සාධාරණීකරණයන් කිරීම පිණිස පෞද්ගලිකව කාරක සභාව හමුවේ පෙනී සිටීම ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගේ වගකීමයි.

අමාත්‍යාංශ වලට හා රජයේ දෙපාර්තමේන්තු වලට කරනු ලබන නියෝග කාරක සභාවේ නිර්දේශවලට ඇතුළත් විය හැකි අතර ඒවා පාර්ලිමේන්තුව විසින් නිකුත් කරනු ලබන නියෝග ලෙස සැලකේ.

කෝප් කමිටුවේ සභාපතිධූරය මහාචාර්ය චරිත හේරත්ට

Rivira Ads
To Top