(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 24 පස්වරු 12.10ට)
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිකරුවන් ලබා දෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ නිකුත් නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා සහ කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා වෙත ජනාධිපති විමර්ශන කොමිසම තරයේ අවවාද කර තිබෙනවා.
ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කළ ප්‍රකාශයන් හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රතික්ෂේප කිරීමත්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කළ ප්‍රකාශයන් කොළඹ අගදරගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා විසින් මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රතික්ෂේප කිරීමත් කොමිසමේ අවධානයට ලක් කිරීමෙන් පසුවයි.
ඒ අනුව එම සාක්ෂිකරුවන්ගේ නීතිඥවරුන් කොමිසම හමුවේ සඳහන් කළේ මෙලෙස ප්‍රකාශ ප්‍රතික්ෂේප කිරීම තුළින් අධිකරණයට අපහාසයක් වන බවයි. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද එම නීතිඥවරුන් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් අදාළ පාර්ශව වෙත සැප්තැම්බර් 24 දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැන්වූ කොමිසම එලෙස පෙනී සිටි අවස්ථාවේ මින් ඉදිරියට එවැනි කටයුතු නොකරන ලෙස තරයේ අවවාද කර තිබෙනවා.

