,
Environment

සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්ත ඇප මත මුදා හැරේ

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 24 පස්වරු 03.00ට)

ආනවිළුන්දාව රැම්සා රක්ෂිතයට අයත් ප්‍රදේශයක් අනවසරයෙන් එළි කිරීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 22 දින අධිකරණයට භාර වීමෙන් අනතුරු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත ඇප මත මුදා හැරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය සැප්තැම්බර් 24 දින නියම කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ජගත් සමන්ත මුදා හරින ලෙස හලාවත මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝග කර ඇත.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්ත අත්අඩංගුවට ගැනීම සඳහා සැප්තැම්බර් 21 දින පොලීසිය විසින් අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගෙන තිබීම හේතුවෙන් ජගත් සමන්ත අධිකරණය වෙත භාර වීමෙන් පසු සැප්තැම්බර් 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණා.

Rivira Ads
To Top