දේශීය පුවත්

තෙල් නෞකාවෙන් තවත් කෝටි 10ක් ඉල්ලයි, තෙල් කාන්දු වී පරිසරය දූෂණයක් සිදු වී ඇති බව විශේෂඥ කමිටුවක් නීතිපතිට දන්වයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 24 පස්වරු 08.45ට)

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී අනතුරට ලක්ව ගිනි ගැනීමට ලක් වූ MT New Diamond තෙල් ප්‍රවාහන නෞකාවේ හිමිකරුවන්ගෙන් රුපියල් මිලියන 100ක මුදලක් යළිත් වන්දි ලෙස ගෙවන ලෙස එම නෞකාවේ හිමිකරුවන් වෙත සැප්තැම්බර් 24 දින දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අදාළ නෞකාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දැරූ පිරිවැය හානි පූරණය කර ගැනීම සඳහා මෙතෙක් අය කිරීමට තීරණය කර ඇති මුළු මුදල රු. මිලියන 440කි.

මේ අතර, මීට පෙර අතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් වන්දි ලෙස ඉල්ලූ රු. මිලියන 340ක මුදල ශ්‍රී ලංකාව වෙත ලබා දීමට MT New Diamond නෞකාවේ හිමිකරුවන් එකඟ වී ඇති බව නීතිපතිවරයා වෙත දන්වා ඇතැයි ද රජයේ අධිනීතිඥ නීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළා.

එසේම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව සැප්තැම්බර් 24 දින නීතිපතිවරයා වෙත බාර දී තිබෙනවා.

ඒ අනුව විශේෂඥ කමිටුවේ වාර්තාව අනුව, නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුව ඇති බවත්, එමගින් පරිසර හානියක් සිදුව ඇති බවටත් අනාවරණය කර තිබෙනවා.

තෙල් නෞකාව සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු පහතින්.

  1. නෞකාවෙන් තෙල් කාන්දු වූ විවර දෙකෙන් එකක් වසා දමයි
  2. නෞකාවේ කපිතාන්වරයා නිරෝධායනය සඳහා ගාල්ලට
  3. තෙල් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාපති
  4. ඉන්ධන නෞකාවේ ගින්න සාර්ථකව පාලනය කළ බව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය පවසයි
  5. තෙල් නැවේ සේවකයෙකු මරුට, තෙල් විසුරුනොත් ලංකා වෙරළ තීරයට දැඩි හානි
  6. බොරතෙල් ටොන් ලක්ෂ 2ක් ප්‍රවාහනය කරමින් ශ්‍රී ලංකාව අසලින් ගමන් කළ ඩයමන්ඩ් නෞකාවේ ගින්නක්
Rivira FB Group Rivira Youtube
To Top