(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 25 පස්වරු 08.33ට)
වඳ සැත්කම් සිදුවීමට අදාළ නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් ඉදිරිපත් කළ සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි අතර සැප්තැම්බර් 25 දින පාර්ලිමේන්තුවේ දී උණුසුම් තත්වයක් ඇති විය.
එහිදී අධිකරණ ඇමතිවරයාගේ “ටයි-කෝට්” ඇඳුම සම්බන්ධ කරගනිමින් චමින්ද විජේසිරි විසින් ප්‍රශ්නය ඉදිරිපත් කිරීමත් සමග අධිකරණ ඇමතිවරයා දැඩි කෝපයෙන් පිළිතුරු දුන් අතර පසුව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම එම ආවේගශීලී ප්‍රකාශයට එරෙහිව කරුණු දැක්වීමට කටයුතු කළා.
කෙසේ වෙතත් අවසානයේ අධිකරණ ඇමතිවරයා තමන් කළ ප්‍රකාශය මගින් කිසිවෙකුගේ හෝ හිත් රිදීමක් සිදුවිණි නම් ඊට කණගාටුව ප්‍රකාශ කරන බව ද සඳහන් කළා.
එම වීඩියෝව පහතින්.

