,
Foreign

යුක්‍රේන ගුවන් යානයක් අනතුරට පත් වෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 26 පෙරවරු 11.14ට)

යුක්‍රේනයේ ගුවන් හමුදාවට අයත් යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කඩා වැටුණු ඇන්ටනෝව් -26 වර්ගයේ පුහුණු ගුවන් යානයක පියාසර කරමින් සිට ඇති යුක්‍රේන ගුවන් හමුදාවට අයත් කැඩෙට් නිලධාරීන් හා කාර්ය මණ්ඩලයට ඇතුළු 27 දෙනෙකු මෙලෙස අනතුරට පත්ව ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කරනවා. ඒ අතරින්, දෙදෙනෙකු බරපතල තුවාල ලබා දිවි බේරාගෙන ඇති අතර තවත් තිදෙනෙකු අතුරුදහන්ව ඇති බව වාර්තා වේ. ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදු කෙරේ.

මෙම ගුවන් යානය චුචුවී හමුදා කඳවුරේ ගුවන් පථයට ගොඩබෑමට නියමිතව තිබී ඇති අතර ඊට කිලෝමීටර් 02ක් ආසන්නයේදී මෙලෙස අනතුරට ලක්වී ඇත. ගුවන් යානා අනතුරට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව යුක්‍රේන බලධාරින් සඳහන් කරයි.

ජිනීවා හි ගුවන් යානා අනතුරු කාර්යාංශයට අනුව 2017 සිට අවම වශයෙන් ඇන්ටනොව් An-26 ගුවන් යානා 10 ක් අනතුරට ලක්ව ඇති අතර, වයඹ දිග සිරියාවේ හ්මේමින් ගුවන් කඳවුරට ගොඩබෑමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Rivira Ads
To Top