(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 26 පස්වරු 02.54ට)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශිවික සමුළුවක් සැප්තැම්බර් 26 දින පැවැත්විමට නියමිතව තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා.
විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අදාළ සමුළුවේ දී දේශපාලන, ආර්ථික, මූල්‍ය, ආරක්ෂක, සංවර්ධනය, අධ්‍යාපනික, සංවාරක සහ සංස්කෘතික කටයුතු කලාපීය හා ජාත්‍යන්තර ගැටලුවලදී ද්විපාර්ශවික මැදිහත්විම් යනාදි කරුණු පිළිබඳව අවධානය යොමු කිරිමට නියමිත බව වාර්තා වේ.
මෙම සමුළුව සඳහා විෂයභාර අමාත්‍යවරුන්, අමාත්‍යංශ නිලධාරීන් ද සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.
එසේම, ඉන්දීය ධීවරයින් ට්‍රෝලර් යාත්‍රා මඟින් අනවසරයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වී මසුන් මැරීම නිසා ශ්‍රී ලාංකික ධීවරයන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව ද විශේෂයෙන්ම සාකච්ඡා කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් අනතුරුව විදේශ රටක රාජ්‍ය නායකයෙකු සමග විඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන පළමු සමුළුව මෙය වෙයි. එසේම කොවිඩ්-19 තත්වය හේතුවෙන් මින් ඉදිරියට ද බොහෝ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වීඩියෝ තාක්ෂණය යොදා ගැනීමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

