Covid-19

කුවේටයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 47 දෙනෙකුට කොරෝනා වැළඳෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 26 පස්වරු 05.33ට)

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔක්තෝම්බර් මස 11 වැනි දින දක්වා වසා දැමෙන බව එම කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ‍සේවය කරන කාර්යමණ්ඩලයේ සේවකයින් තිදෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ අර්ථලාභිනියන් 44 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙලෙස තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

කාර්යාලය වසා දැමෙන කාල සීමාව තුළ හදිසි සේවා සේවාවන් සඳහා slemb.kuwait@mfa.gov.lk යන විද්‍යුත් ලිපියනය හරහා සම්බන්ධ විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top