දේශීය පුවත්

කෝප් කමිටුව මාධ්‍යට විවෘත කිරීම/නොකිරීම පිළිබඳ අවසන් තීරණය ඔක්තෝබර් 06 – චරිත හේරත්

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 27 පස්වරු 12.28ට)

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) කටයුතු මාධ්‍ය වෙත විවෘත නොකිරීමට තීරණය කර ඇති බව සැප්තැම්බර් 23 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ විය. පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී එම තීරණය ගත් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු එහි දී සඳහන් කළා.

එහෙත්, එවැනි තීරණයක් COPE කමිටුව ගෙන නොමැති බව කෝප් කමිටුවේ සභාපති, මහාචාර්ය චරිත හේරත් පවසනවා. ඔහු කියා සිටින්නේ පාර්ලිමේන්තු කටයුතු කමිටුව විසින් පාර්ලිමේන්තුවේ සමස්ත මාධ්‍ය භාවිතය පිලිබදව යලි සලකා බලන්නට එකග වී ඇති අතර එම කමිටුව පක්ෂ නායකයින් සහභාගිවන කමිටුවක් බවයි. එහි තීරණය ඉදිරියේදී ඉදිරිපත් වීමට නියමිත බව පවසන කෝප් කමිටු සභාපතිවරයා කියා සිටින්නේ COPE කමිටුව ඔක්තෝබර් 06 දින රැස්වීමට නියමිත අතර මාධ්‍ය වෙත විවෘත කිරීම/නොකිරීම සම්බන්ධව එදිනට අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

කෝප් කමිටු සභාපති මහචාර්ය චරිත හේරත් මේ බව සඳහන් කළේ සැප්තැම්බර් 27 දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

Rivira FB Group Rivira Youtube
To Top