(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 27 පස්වරු 01.08ට)
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස අලුතින් තේරී පත් වූ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබෙනවා.
සැප්තැම්බර් 26 අගමැති මහින්ද රාජපක්ෂ සමඟ වීඩියෝ තාක්ෂණයෙන් පැවති සමුළුවේ දී නරේන්ද්‍ර මෝදි, දෙමළ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ඉන්දියාවේ උනන්දුව “ඉස්මතු” කරමින් මේ බව සඳහන් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සමඟ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම ඇතුළුව “එක්සත් ශ්‍රී ලංකාවක්” තුළ දෙමළ ජනතාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කරමින් සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය ආරක්ෂා කරන ලෙස අග්‍රාමාත්‍ය මෝදි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ ය.
රැස්වීමෙන් පසුව නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් දෙපාර්ශ්වයම එම සඳහනට එකඟ වූ බව පැහැදිලි ඇඟවීමක් බව “ද හින්දු” පුවත්පත වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජනතාව දුන් ජනවරම අනුව පෝෂණය වූ ප්‍රතිසන්ධානයක් සහ ව්‍යවස්ථා ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම තුළින් ද්‍රවිඩයන් ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

