,

සුවය ලැබූ ගණන 3,200 ඉක්මවයි, සක්‍රීය ගණන 129ක් පමණයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 27 පස්වරු 01.48ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සැප්තැම්බර් 27 වන ඉරිදා පස්වරු 01.30 වනවිට 3,350ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 1ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 22 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,208කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 129ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 40ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 95.7%ක් ලෙසත් මරණ අනුපාතය 0.38%ක් ලෙසත් වාර්තා වේ.

දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 22 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.

  • IDH රෝහල – 05
  • වැලිකන්ද මූලික රෝහල – 07
  • ඉරණවිල රෝහල – 05
  • මුල්ලේරියාව රෝහල – 01
  • හම්බන්තොට රෝහල – 04

මේ වන විට, වාර්තා වූ සමස්ත ආසාදිතයින් 3,350 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • කන්දකාඩු කොරෝනා පොකුර – 651
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 1,372
  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 64
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
  • වෙනත් – 313 (දැනට අක්‍රීයයි)

ඒ අනුව, මේ වන විට සිටින සක්‍රීය ආසාදිතයින් 129 අතුරින්,

  • IDH රෝහල – 37
  • වැලිකන්ද මූලික රෝහල – 47
  • මුල්ලේරියාව මූලික රෝහල – 01
  • ඉරණවිල මූලික රෝහල – 16
  • හම්බන්තොට මහ රෝහල – 25

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 649 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 02 දෙනෙකු පමණයි.

එමෙන්ම, මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 282,197ක් වන අතර සැප්තැම්බර් 26 දින පරීක්ෂණ 2,457ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

Rivira Ads