(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 27 පස්වරු 09.42ට)
කොවිඩ්-19 ලෝක වසංගත තත්වය හේතුවෙන් සැප්තැම්බර් 27 පස්වරු 9 වන විට ලොව පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 216ක ආසාදිතයින් 33,177,832ක් හෙවත් මිලියන 33කට අධික පිරිසක් වාර්තා වන අතර ඉන් 1,000,207ක් හෙවත් මිලියනයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
2019 දෙසැම්බර් මස පළමු නිල ආසාදිතයා වාර්තා වීමෙන් මාස 10ක් ඉක්මවීමටත් පෙර මරණ මිලියනයක් වාර්තා වීම සුවිශේෂී තත්වයකි.
සුවය ලබා ඇති ප්‍රමාණය 24,504,961ක් හෙවත් මිලියන 24කි. ඒ අනුව සක්‍රීය ආසාදිතයින් 7,672,664ක් හෙවත් මිලියන 7.6ක් ලොව පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.
මේ වන විට ලෝකය පුරා කොවිඩ්-19 හේතුවෙන් වාර්තා වූ,
මරණ අනුපාතය – 3%
සුව වූ පිරිසේ අනුපාතය – 73.85%
මේ වන විට සමස්ත ආසාදිතයින් ප්‍රමාණය අතින් රටවල් 4ක ආසාදිතයින් ප්‍රමාණය 1,000,000ක් හෙවත් මිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇති අතර පිළිවෙලින් ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව යන රටවල් ඒ අතර සිටී.
එමෙන්ම ඉහත රටවල් හැරුණුකොට ආසාදිතයින් 500,000 ඉක්මවා ගිය රටවල් 6ක් ඇති අතර පිළිවෙලින් පේරු, කොලොම්බියා, මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය හා ආජන්ටිනාව සිටී.
එමෙන්ම රටවල් 17ක මරණ 10,000 සීමාව ඉක්මවා තිබෙනවා. කෙටි කාලයක් ඇතුළත වෛරසයට වේගයන් ගොදුරු වෙමින් ලැයිස්තුවේ ඉහළට පැමිණි රටවල් කිහිපයක්ම තිබෙනවා. කොලොම්බියාව, ආජන්ටිනාව, ඉක්වදෝරය හා ඉන්දුනීසියාව වැනි රටවල් තිබෙනවා.

