දේශීය පුවත්

ජනප්‍රිය රංගධර ටෙනිසන් කුරේ දිවි රඟමඩලින් සමුගනී

RIVIRA.LK, 2020 සැප්තැම්බර් 28 පස්වරු 12.25ට)

ජනප්‍රිය හා ප්‍රවීන ප්‍රහසන රංගධරයෙකු වන ටෙනිසන් කුරේ මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ටෙනිසන් කුරේ පසුගිය දින කිහිපය තුළම රෝහල්ගත කර සිටි අතර මියයන විට 68 වැනි වියෙහි පසුවිය.

1952 අප්‍රේල් මස 30 දින මොරටුව ප්‍රදේශයේ දී උපත ලද ටෙනිසන් කුරේ යනු ශ්‍රී ලංකාවේ ප්‍රහසන නළුවෙකු, වේදිකා නාට්‍ය නළුවෙකු සහ සිනමා අධ්‍යක්ෂවරයෙකුද ලෙස කටයුතු කළ සිනමා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකි.

1986 වසරේ තිරගත වූ පෙරළිකාරයෝ සිනමා පටයෙන් සිනමාවට පිවිසි ඔහු එම සිනමා පටයේ රචකයා ලෙසයි. ඔහු විසින් පෙරළිකාරයෝ , දෙමෝදර පාළම, කොළොම්පූර් වැනි වර්තාගත සිනමා කතාවන්ද රැසක් රචනා කර ඇත.

සිනමා අධ්‍යක්ෂකයෙකු ලෙස ඔහු අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය වූයේ 2011 වසරේ දී තිරගත වූ තැන්ක් යූ බර්ටි චිත්‍රපටයයි.

Rivira FB Group Rivira Youtube
To Top