තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි
(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 28 පස්වරු 02.35ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සැප්තැම්බර් 28 වන සඳුදා පස්වරු 02.30 වනවිට 3,360ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 02 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,210කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 137ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 38ක් බවද සඳහන් වේ.
සක්‍රීය ආසාදිතයින් 137 දෙනා අතර විදේශිකයින් 23 දෙනෙකු ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.