,
Environment

තෙල් නෞකාවේ කපිතාන්වරයාට විදෙස්ගත වීම තහනම් කෙරේ

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 28 පස්වරු 03.32ට)

ශ්‍රී ලංකාවේ සංගමන්කන්දට නාවික සැතපුම් 38 ආසන්න මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වූ MT New Diamond තෙල් නෞකාවේ කපිතාන් ලෙස කටයුතු කළ ග්‍රීක ජාතික තිරෝස් හිලියාස් නමැත්තාට සැප්තැම්බර් 28 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ සැප්තැම්බර් 17 දින නියෝග කළේ ය.

ඒ අනුව නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී තිරෝස් හීලියාස් නැමැත්තාට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා සැප්තැම්බර් 28 දින නියෝග කළේ ය.

කපිතාන්වරයා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමට අවසර නුදුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර්, කපිතාන්වරයාගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට ද නියෝගයක් කර තිබෙනවා.

එසේම, කපිතාන්වරයා ශ්‍රී ලංකාවේ පදිංචි ස්ථානය වෙනස් කරන්නේ නම් අධිකරණයෙන් පූර්ව අවසරයක් ගත යුතු බව ද පැවසූ මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ සියලු අංශ මගින් සිදුකරනු ලබන විමර්ශනවලට පූර්ණ සහාය දිය යුතු බවයි.

ඒ එම සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන හෙයින් ඔහු යළි අධිකරණයට ගෙන්වාගැනීම තහවුරු කිරීම සඳහා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණයෙන් කළ ඉල්ලීමක් කළ ද රිමාන්ඩ් කිරීමේ ඉල්ලීම අධිකරණය ඉවත් දැමුවේ ය.

සැප්තැම්බර් 03 දින ගිනි ගැනීමට ලක්වූ ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයා විසින් එම ගින්න මැඩපැවැත්වීම සඳහා අනුගමනය කළ යුතුව තිබූ ආරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම සහ ගින්න පිළිබඳව වගකිව යුතු ආයතන නිසි පරිදි දැනුම්වත් නොකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

වැඩිදුර කියවන්න

  1. ගිනිගත් තෙල් නැවේ කපිතාන්ට නොතීසි
  2. නෞකාවෙන් තෙල් කාන්දු වූ විවර දෙකෙන් එකක් වසා දමයි
  3. නෞකාවේ කපිතාන්වරයා නිරෝධායනය සඳහා ගාල්ලට
  4. තෙල් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාපති
  5. ඉන්ධන නෞකාවේ ගින්න සාර්ථකව පාලනය කළ බව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය පවසයි
  6. තෙල් නැවේ සේවකයෙකු මරුට, තෙල් විසුරුනොත් ලංකා වෙරළ තීරයට දැඩි හානි
  7. බොරතෙල් ටොන් ලක්ෂ 2ක් ප්‍රවාහනය කරමින් ශ්‍රී ලංකාව අසලින් ගමන් කළ ඩයමන්ඩ් නෞකාවේ ගින්නක්
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top