,

20 වන සංශෝධනය අධ්‍යයනයට ශ්‍රීලනිපයත් කමිටුවක් පත් කරයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 28 පස්වරු 03.05ට)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කර පක්ෂය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

ඊට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් වන අතර කමිටුවේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය, නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා පත් කර තිබෙනවා.

  1. නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා - සභාපති
  2. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
  3. අමාත්‍ය මහින්ද අමරවීර
  4. රාජ්‍ය අමාත්‍ය, නීතිඥ දයාසිරි ජයසේකර
  5. රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක
  6. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා
  7. හිටපු අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා
  8. පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත
  9. නීතිඥ සංජය ගමගේ
  10. ආචාර්ය චමිල ලියනගේ

කමිටුව විසින් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් හා යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත හා ඔහු විසින් පත්කරනු ලැබ ඇති ව්‍යවස්ථා සංශා්ධන අධ්‍යයන කමිටුව වෙත භාරදීමට නියමිත බව ශ්‍රීලනිප මහලේකම්, රාජ්‍ය අමාත්‍ය, නීතිඥ දයාසිරි ජයසේකර සඳහන් කළා.

Rivira Ads