,
Business

කොළඹ කොටස් වෙළඳපොලේ දැවැන්ත වර්ධනයක්

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 28 පස්වරු 05.15ට)

සැප්තැම්බර් 28 වන දිනය ගණුදෙනු අවසානයේ දි කොළඹ කොටස් වෙළඳපොලේ සියලු මිල දර්ශකයේ අගය ඒකක 6000 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

මේ අනුව, සැප්තැම්බර් 28 වන දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,028.20 ක් ලෙසින් සටහන් වූ අතර දිනය තුළ රු. බිලියන 1.89 ක පිරිවැටුමක් වාර්තා වී ඇත.

මේ වසරේ ජනවාරිි 07 වන දිනට පසුව පළමු වරට සියලු කොටස් මිල දර්ශකය 6000 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ සැප්තැම්බර් 28 වන දිනයේ දී ය. එදින සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය ඒකක 169.16ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top