(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 29 පස්වරු 12.31ට)
ජනාධිපතිවරණයේ දී හා මහමැතිවරණයේ දී ලබාදුන් පොරොන්දු ප්‍රකාරව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව වෙනුවෙන් අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි විසින් සැප්තැම්බර් 22 දින 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව ඉදිරිපත් කරනු ලැබූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය දක්වන පිරිස් විසින් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති පෙත්සම්, සැප්තැම්බර් 29 අඟහරුවාදා පෙරවරු 10ට සලකා බැලීම ආරම්භ කරනු ලැබුවා.
එසේම පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබූ විට එය දෙවැනි වර කියවීමේ විවාදය සඳහා දිනයක් නියම කරනු ලබන අතර එම දිනය පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබූ දින සිට දින හතකට කලින් නොවන දිනයක් විය යුතුය. එම දින 7ක කාලසීමාව ලබා දී ඇත්තේ යම් පුරවැසියකුට එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීම සඳහා ය. ඒ අනුව සැප්තැම්බර් 22 දින ඉදිරිපත් කරනු ලැබූ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කිරීම සඳහා ලැබී ඇති කාලය ද සැප්තැම්බර් 28 දිනෙන් අවසන් වී තිබෙනවා.
පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය
විනිසුරු බුවනෙක අලුවිහාරේ
විනිසුරු සිසිර ද ආබෲ
විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන
විනිසුරු විජිත් මලල්ගොඩ
මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සළකා බැලීමට නියමිතයි. එසේම පෙත්සම්වලට අදාළ තීන්දුව දින 21ක් තුළ ලබා දීම සම්ප්‍රදාය වේ.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සැප්තැම්බර් 29 දිනය වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනුකර තිබෙනවා.
සැප්තැම්බර් 25 සිකුරාදා දින වන විට ගොනුකර තිබූ පෙත්සම් ගණන 18ක් වූ අතර සැප්තැම්බර් 28 දින නීතිඥවරුන් කිහිප දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂය පෙත්සම් ගොනු කිරීමත් සමග පෙත්සම් ගණන 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නීතිඥ ඉන්දික ගාල්ලගේ 01/2020
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර 02/2020
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු 03/2020
දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් 04/2020
අනිල් කාරියවසම් 05/2020
ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ නාගානන්ද කොඩිතුවක්කු 06/2020
එස්.සී.සී. ඉලංගෝවන් 07/2020
මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සිතාරා ශ්‍රීන් අබ්දුල් සරූර් 08/2020
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා හා එහි විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර 09/2020
රජිත් කීර්ති තෙන්නකෝන් 10/2020
මේරියන් ලිහිණි ප්‍රනාන්දු 11/2020
රසික ජයකොඩි 12/2020
ආචාර්ය අජන්තා පෙරේරා, ඕෂල හේරත්, චන්දිම විජේගුණවර්ධන, ජේ. ජෙගදීසන් 13/2020
ලංකා වෙළඳ හා කර්මාන්ත පොදු සේවක සංගමයේ මහලේකම් සිල්වෙස්ටර් ජයකොඩි, ලීනස් ජයතිලක, ඉකේෂ්වර කෝට්ටෙගොඩ විතාන 14/2020
ශ්‍රී ලංකා තරුණ නීතිඥ සංගමය විධායක කමිටු සාමාජිකයින් වන නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ, නීතිඥ මිගාර ඩයස් 15/2020
තිසත් ඩී.බී. විජේගුණවර්ධන 16/2020
කපිල රේණුක පෙරේරා 17/2020
ලංකා ගුරු සංගමය, සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඇඩමිය, තැපැල් හා සන්නිවේදන වෘත්තීය සමිතිය 18/2020
සමගි ජන බලවේගය පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති මයන්ත දිසානායක 19/2020
ආරිෆ් ෂම්සුදීන්, ඇඩම් ලෙබ්බේ තවම් 20//2020
සිරිලක ජනතා පෙරමුණේ නීතිඥ පී. ලියනාරච්චි 21/2020
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය 22/2020
මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් 23/2020
නීතිඥ එරික් සේනාරත්න බාලසූරිය 24/2020
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් 25/2020
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන 26/2020
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, ලේකම් නීතිඥ රජීව් අමරසූරිය, භාණ්ඩාගාරික නීතිඥ නලින් චන්දික ද සිල්වා, සහකාර ලේකම් නීතිඥ පසිඳු සිල්වා 27/2020
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් 29/2020
වීසාකේස චන්ද්‍රසේකරම් 30/2020
හිටපු අමාත්‍ය මංගල සමරවීර 31/2020
රුවන් ලක්නාත් ජයකොඩි, කාවින්ද්‍යා ක්‍රිස්ටෝපර් තෝමස්, මනෝජ් දිලුෂ් කුමාර් 31/2020
එම්.බී.සී නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම, එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම 33/2020
ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපති, ප්‍රසාද් ප්‍රසන්න පුෂ්පකුමාර, ලේකම් ආර්.එම්.පී.ඒ. ජානක 34/2020
මස්සල කෝරලලාගේ ජයතිස්ස, විජේතුංග හර්මන් කුමාර, චමිලා තුෂාරි, ජේ. මොහිදීන්, චින්තක ප්‍රදීප් රාජපක්ෂ, මරිමුතු සතිවෙලෝ පියතුමා, රොහාන් මයිකල් ප්‍රනාන්දු 35/2020
චූලසිංහ ද සොයිසා, නාමල් අජිත් රාජපක්ෂ, අචලා සෙනෙවිරත්න, ප්‍රබෝධ චින්තක, චූල රන්ජීව අධිකාරි, ටෙරිල් මනෝජ් උඩුවන, උපාලි අමරවංශ, මංජු ශ්‍රී චන්ද්‍රසේන, අමිල ඉන්දික, දුලාන් දසනායක, චින්තක ප්‍රනාන්දු, සචින්ද්‍ර තුෂාර ද සොයිසා, මොහොමඩ් නාසිම් සයිනුල් ලුතුෆි, මොහොමඩ් නජීම් මොහොමඩ් ෆසීර්, ශ්‍රීනාත් පෙරේරා, අරුණ කුමාරසිරිි, උපාලි රන්ජන්, මංජුල පතිරාජ, කාලිංග ප්‍රියවංශ, සුගන්ධිකා ප්‍රනාන්දු 36/2020
බෙනෙට් සුමනසිරි ජයවර්ධන 37/2020
සමරපාල ප්‍රේමසිරි ගුණතිලක 38/2020
සුසන්ත හර්ෂ සූරියආරච්චි 39/2020
යන පෙත්සම්කරුවන් 39 දෙනෙකු විසින් ගොනුකර තිබෙන සියලු පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා යි. පළමු පෙත්සම්කරු විසින් අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි ද, දෙවන පෙත්සම්කරු විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ද නීතිපතිවරයාට අමතරව වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
අතරමැදි පෙත්සම්කරුවන් ලෙස පාර්ශව 9ක් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
අමාත්‍ය, නීතිය පිළිබඳ මහාචාර්ය ජී.එල්. පීරිස්
ඩබ්ලිව්.ඒ.ඩී.වී. වීරතිලක
ඩී. ජී. වී. අබේරත්න
පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, ආර්, වෙලගෙදර, ආර් පත්බේරිය, එම්.පී.ජේ. පත්මසිරි, එච්.එම්.ටී. බණ්ඩාර, එම්. ආනන්දවේල්, කේ.එම්.පී.බී. කොත්වල, කේ. එගොඩවත්ත, සහ ප්‍රභාත් එන්. ගුණසේකර
පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම්
ඩී.එම්.දයාරත්න
අමාත්‍ය, නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය ගාමිනී ලොකුගේ
දඩල්ලගේ ටයිටස් පද්මසිරි
මහඔය සෝභිත හිමි, මොරගොඩ නන්ද හිමි, රංජිත් ධනපාල අබේසේකර
යන පාර්ශව 20 වන සංශෝධනයට සහය දක්වමින් කරුණු දැක්වීමට අවසර ඉල්ලමින් අතරමැදි කිහිපයක් ඉදිරිපත්ව කළේ ය.
20 ට එරෙහි පළමු පෙත්සම
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මුල්ම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ නීතිඥ ඉන්දික ගාල්ලගේ විසිනි. අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ ම එනම් සැප්තැම්බර් 22 දින ගොනු කර ඇති එම පෙත්සමෙන් ඔහු පෙන්වා දී ඇත්තේ පෙත්සමේ වගන්ති කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි බවයි. එබැවින් එම වගන්ති පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දු කරන්නැයි නීතිඥ ඉන්දික ගාල්ලගේ සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳ නඩු පැවරීමට තිබූ අයිතිය අහිමි කිරීම, ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් දැරීමට අයිතිය ලබාදීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත්වලට අභියෝග කිරීමට ජනතාවට ඇති අයිතිය සීමා කිරීම (හදිසි පනත් ගේන ඒමට ලබා දී ඇති හැකියාව), මැතිවරණ කොමිසම නිකුත් කරන නියෝග පිළිනොපදින අයට එරෙහිව නීතිමය පියවර ගැනීම මෙන්ම කොමිසමට ඇති අයිතිය ඉවත් කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පතෙන් කර ඇති යෝජනා (5, 17, 22, 15 යන වගන්තිවලින්) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 12 (1), 14 (1) ජී, 27 සහ 23 වගන්තිවලට පටහැනි යැයි පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
එසේම 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියෙන් ජනතාවගේ ස්වාධිපත්‍ය අයිතිය අහිමි කර ඇතැයි ද නීතිඥ ඉන්දික ගාල්ලගේ පවසනවා.
පෙත්සම්වලින් දක්වා ඇති පොදු කරුණු
ගොනු කර ඇති සමස්ත පෙත්සම් වල ඇතුළත් කරුණු අනුව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ද බරපතල ලෙස උල්ලංඝනය කරන බව සඳහන් කර තිබෙනවා.
එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවටත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින් ද සම්මත විය යුතු බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස ද එම පෙත්සම් මඟින් පෙත්සම්කරුවෝ ඉල්ලා ඇත.
විශේෂ කරුණු
පනත් කෙටුම්පතේ 14 වැනි වගන්තිය මඟින් ජනාධිපතිවරයාට අවශ්‍ය ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලබා දීම තුළින් පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවය අහිමිවීමක් සිදුවන බව ද,
පනත් කෙටුම්පතේ 16 වැනි වගන්තිය මඟින් පාර්ලිමේන්තුව මඟින් ප්‍රතික්ෂේප කළ කෙටුම්පතක් ජනාධිපතිවරයාට ජනමත විචාරණයකට යොමු කිරීමට බලය දී ඇති බව ද,
පනත් කෙටුම්පතේ 6 වැනි වගන්තිය අනුව අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයාට ලබා දී ඇති බව ද,
පනත් කෙටුම්පතේ 25 වැනි වගන්තිය අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීමේ පූර්ණ බලයද ජනාධිපතිවරයාට ලබා දී ඇති බව ද,
පනත් කෙටුම්පතෙහි 5 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ බලය අහිමි කර ඇති බව ද,
පනත් කෙටුම්පතේ 9 (1) වගන්තිය අනුව ද්විත්ව පුරවැසියෙකුට රටේ ජනාධිපතිවරයා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට ඉඩ ප්‍රස්ථා ලබා දීම ඇති බව ද,
පනත් කෙටුම්පතේ 32 , 33 , 34 ,35 , 36 , 37 සහ 38 යන වගන්ති මඟින් විගණන සේවා කොමිෂන් සභාව ඉවත් කිරීමෙන් මහජනතාවගේ මුදල් පාලනය කිරීමට ඇති බලයට බලපෑම් ඇති වී තිබෙන බව ද,
පනත් කෙටුම්පතෙහි 40 වැනි වගන්තිය මගින් පාර්මේන්තුව සතු බලතල සීමා කර ඇති අතර එමඟින් ජනතාවගේ පරමාධිපත්‍ය කෙරේ බලපෑම් ඇතිවන බව ද,
පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.
කරුණු කාරණා එසේ හෙයින් එම කරුණු සහිත ව්‍යවස්ථා සංශෝධනය 2/3 බහුතරයකින් පමණක් සම්මත වුවහොත් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්තිය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයක් පවත්වා එයින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
ජනතා විමුක්ති පෙරමුණෙන් පෙත්සමක් නෑ
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් පෙත්සමක් ඉදිරිපත් කර නොතිබීම සුවිශේෂී කරුණකි. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධීකරණයට යාමෙන් 20 සම්බන්ධයෙන් අධිකරණයේ මතය පමණක් දැනගත හැකිවනු ඇති බවත්, ජනමත විචාරණයක් අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ලබා ගත හැකිවනු බවත් පමණක් බවයි. එබැවින් ජනතා විමුක්ති පෙරමුණ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව ඔවුන් සඳහන් කරනවා.
20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂයක් ලෙස තමන් දැඩි විරෝධයක් පළකරන පවසන ජනතා විමුක්ති පෙරමුණ කියා සිටින්නේ 19 වැනි සංශෝධනය හරහා රටට ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කර නැවත විධායකය ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවයි.
එමගින් රට නැවතත් ඒකාධිපති පාලනයක් කරා ගෙනයාමට ආණ්ඩුව උත්සාහ කරන බව ද ඔවුන් පවසනවා. පැවැත්වෙමින් ඇති සම්මන්ත්‍රණ මාලාවේ දී ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සිටින බව ද ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා.
වැඩිදුර කියවන්න

