(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 30 පස්වරු 02.25ට)
කොවිඩ්-19න් පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ නියුතු හෝටල් හා වාසස්ථාන වලට විදුලි බිල ගෙවීමට වසරක සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වී තිබෙනවා.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර මීට අදාළ කැබිනට් පත්‍රිකාව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය ලබා දී තිබුණි.
ඒ අනුව, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට විදුලි බිල සඳහා වසරක සහන කාලය ලබාදෙනු ඇති. සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා වාසස්ථාන සඳහා 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තු 31 වන දින දක්වා සමුච්චිත විදුලි බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12කින් ගෙවීමට අවස්ථාව සලසා තිබෙනවා.
අදාළ කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස ද විදුලි බල මණ්ඩලය සිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දී ඇත. ඊට අදාළ උපදෙස් ද විදුලිබල මණ්ඩලය මඟින් සියලු ම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී තිබෙනවා.

