,
News

වෙබ් මාධ්‍යවේදියාට ඇප හිමි වෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 30 පස්වරු 02.33ට)

අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පළ කළ බවට වූ චෝදනා මත අගෝස්තු 31 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණන අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ වෙබ් මාධ්‍යවේදියෙකු වන ඩෙස්මන් චතුරංග ද අල්විස් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් නියෝග කර තිබෙනවා.

ඒ අනුව, ඔහුට රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට ද නියෝග කර ඇත.

එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණ වලට බාධා සිදුවන අයුරින් කටයුතු නොකරන ලෙසත් එසේ සිදු කරන බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් නියම කළ ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා විසින් අවවාද කර තිබෙනවා.

අදාළ නඩුව නැවත ඔක්තෝම්බර් 29 වැනි දිනට නැවත කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය වෙත වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

වැඩිදුර කියවන්න

Rivira Ads
To Top