අධ්‍යාපනය

සිසුන් 40,000කට සරසවි වරම්, කඩඉම් ලකුණු දෙසතියක් තුළ

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 30 පස්වරු 05.17ට)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබීමේ කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැප්තැම්බර් 30 දින සඳහන් කළා.

ඒ අනුව, 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව උපාධි අපේක්ෂකයින් 40,000කට විශ්වවිද්‍යාල වරම් හිමිවන බව එම සභාව පෙන්වා දුන්නා. එය පෙර වර්ෂයට සාපේක්ෂව උපාධි අපේක්ෂකයින් 10,000ක වැඩි වීමක් බව ද ප්‍රතිපාදන කොමිසම සඳහන් කළා.

සබරගමුව විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක ධාරිතාව ඉහළ නංවා ඇති බව සඳහන් කළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ වෛද්‍ය උපාධිය ද මෙවර බඳවා ගනු ලබන සිසුන් ප්‍රමාණය ඉහළ දමා ඇති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top