(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 30 පස්වරු 06.56ට)
කළුතර, ගාළු පාරේ දකුණු පයාගල ප්‍රදේශයේ දී වසා තිබූ දුම්රිය ගේට්ටුව හරහා අනාරක්ෂිත ලෙස ධාවනය කළ බස් රථයේ රියදුරු හා කොන්දොස්තර සැප්තැම්බර් 30 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැප්තැම්බර් 28 දින පස්වරු 5.16ට එලෙස අනාරක්ෂිතව බස් රථය ධාවනය කරන අයුරු පුරවැසියෙකු විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ අතර ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ අදාළ රථයේ රියදුරු සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි.
ඒ අනුව පයාගල පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශනයකට අනුව බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර පොලිස් ස්ථානය වෙත කැඳවා ඇති අතර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් දෙදෙනා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පයාගල දුම්රිය හරස් බස් රියදුරු අවදානම් ක්‍රියාවේ වීඩියෝව මෙන්න

