(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 01 පස්වරු 10.31ට)
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහය දීම සම්බන්ධයෙන් තම පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය, සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් පවසනවා.
වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ සමාරම්භක උත්සවයට ඔක්තෝම්බර් 01 දින සහභාගී වී ඉන් පිටව යාමේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
20 වන සංශෝධනය සම්බන්ධයෙන් තමන් එකඟ වන කොටස් මෙන්ම එකඟ නොවන කොටස් ද අන්තර්ගත බව පැවසූ රිෂාඩ් බදුර්දීන් කියා සිටියේ තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු සිටින බවත් සියලු දෙනා සමග සාකච්ඡා කර පක්ෂයක් වශයෙන් ඒ සම්බන්ධයෙන් තීරණය කරන බවයි. එසේම 20 සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් තමන් සමග සාකච්ඡාවක් සිදුකර නැති බව ද ඔහු කියා සිටියා.
එසේම, රජය සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාවක් තිබේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට “No Comment” “අදහස් දැක්වීමක් නැත” යනුවෙන් පිළිතුරු දුන්නේය.
පාස්කු සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් නිදහස් වීම සම්බන්ධයෙන් කළ විමසීමක දී රිෂාඩ් බදුර්දීන් සඳහන් කළේ තමා හෝ තම සොහොයුරා ඊට කිසිසේත් සම්බන්ධ නොමැති බවයි. එහෙත් එම විමර්ශනවලට තමා සහ තම සොහොයුරා සම්පූර්ණ සහය ලබා දෙන බව ද ඔහු සඳහන් කළා.
එම උත්සවය සහභාගී වූ ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න කියා සිටියේ පසුගිය කාලයේ තමන් අවතැන් වූවන් සම්බන්ධයෙන් නිසි බලධාරියා ලෙස කටයුතු කළ සමයේ නැවත පදිංචි කිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ රිෂාඩ් බදුර්දීන් බවයි. එසේම, දිසාපතිවරිය ලෙස වත්මන් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් කටයුතු කළ බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා. එහිදී කිසිඳු ජාතිවාදී, ආගම්වාදී තත්වයන්ගෙන් තොරව එම කටයුතු ඉතා සාර්ථකව සිදුකළ බව ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියා.
රැස්වීම අතරතුර අමාත්‍ය චමල් රාජපක්ෂ සහ රිෂාඩ් බදුර්දීන් ඉතා සුහද සංවාදයක යෙදී සිටීම ද දක්නට ලැබුණා.
එම උත්සයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ සහභාගී වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් ආඩියකලානාදන්, කාදර් මාස්තාන් සහ පළාත් ආණ්ඩුකාරවරුන් වන පී.එස්.එම්. චාල්ස්, මහීපාල හේරත්, අනුරාධ යහම්පත් සහ ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී විය.
නඩු නැතිවම රියාජ් බදුර්දීන් නිදහස්






