(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 02 පස්වරු 02.41ට)
මේ වසරේ දී මුල් මාස 09 ඇතුළත දී පමණක් ඩෙංගු රෝගය නිසා පුද්ගලයින් 30ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කරයි.
එමෙන්ම, මේ වසරේ දී ගත වූ මාස 09 කාලය තුළ ඩෙංගු රෝගීන් 27,733ක් වාර්තා වී ඇති අතර ඉන් රෝගීන් 11,608ක් ම වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේ දී ය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කරන්නේ, පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය යළිත් හිස එසවිය හැකි බවයි. එම ඒකකයේ අධ්‍යක්ෂ අනුර ජයසේකර පවසන්නේ, වැසි සහිත තත්ත්වය ඉදිරියේ දී වැඩි වුවහොත් ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින් බැවින් නිවස, පාසල් හා රාජකාරී ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබදව සැලකිලිමත් වී නිසි ලෙස කසළ බැහැර කිරීම් සිදු කර පිරිසිදුව තබා ගැනීමට පියවර ගත යුතු බවයි.

