,
News

නිව් ඩයමන්ඩ් තෙල් නෞකාව ශ්‍රී ලංකාවෙන් යන්න යයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 02 පස්වරු 09.02ට)

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් වූ මුහුදු කලාපයේ දී ගිනි ගැනීමට ලක් වූ MT New Diamond තෙල් නෞකාවට ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර ලබා දී තිබෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති වන්දි මුදල් ලබා දීමට එකඟ වීම මත අදාළ නෞකාව ඉවත් කර ගැනීම සඳහා අවසර දී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ඔක්තෝම්බර් 02 දින සඳහන් කළා.

මෙම නෞකාව දැනට ස්ථානගත කර ඇති මුහුදු කලාපයේ සිට යළිත් මැද පෙරදිග බලා රැගෙන යාමට අවශ්‍ය බව දන්වමින් නෞකාවේ හිමිකාර සමාගම නාවික හමුදාව වෙත “නෞකාව පිටතට රැගෙන යාමේ සැලසුම” ඉදිරිපත් කර ඇති අතර ඊට නාවික හමුදාව අවසරය ලබාදී තිබෙනවා.

එම සැලසුම අනුව, ඉන්දියාව බලා ඉන්ධන රැගෙන යමින් තිබු අදාළ නෞකාව යළිත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි කුර්ෆක්කාන් වරාය වෙත ඇද ගෙන ගොස් එහිදී වෙනත් නෞකාවකට ඉන්ධන මාරු කිරිමට නියමිතව ඇත.

ඒ අනුව, අදාළ නෞකාව ඇදගෙන යාමට අදාළ කටයුතු ආරම්භ කර ඇති අතර සිංගප්පූරු සමාගමක් විසින් එය සිදුකරනු ඇති බව ද වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ නෞකාව සම්බන්ධයෙන් රුපියල් මිලියන 442ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවන ලෙස හිමිකාර සමාගමට දැන්වූ අතර එම මුදල ලබා දීමට එම සමාගම එකඟතාව පළ කර තිබෙනවා.

වැඩිදුර කියවන්න

  1. ගිනිගත් තෙල් නැවේ කපිතාන්ට නොතීසි
  2. නෞකාවෙන් තෙල් කාන්දු වූ විවර දෙකෙන් එකක් වසා දමයි
  3. නෞකාවේ කපිතාන්වරයා නිරෝධායනය සඳහා ගාල්ලට
  4. තෙල් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාපති
  5. ඉන්ධන නෞකාවේ ගින්න සාර්ථකව පාලනය කළ බව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය පවසයි
  6. තෙල් නැවේ සේවකයෙකු මරුට, තෙල් විසුරුනොත් ලංකා වෙරළ තීරයට දැඩි හානි
  7. බොරතෙල් ටොන් ලක්ෂ 2ක් ප්‍රවාහනය කරමින් ශ්‍රී ලංකාව අසලින් ගමන් කළ ඩයමන්ඩ් නෞකාවේ ගින්නක්
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top