News

‘එක නීතියක් එක රටක් අවශ්‍ය වන්නේ නම් බාලම කාලයේ සිට මේ බෙදීම අවසාන කළ යුතුයි’ – අගමැති මහින්ද රාජපක්ෂ

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 03 පෙරවරු 11.01ට)

එක නීතියක් එක රටක් අවශ්‍ය වන්නේ නම් බාලම කාලයේ සිට මේ බෙදීම අවසාන කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි. කුඩා කාලයේ සිට ජාතීන් අනුව වෙන් වෙන්ව අධ්‍යාපනය ලබන විට වැඩිහිටියන් වූ පසුව ඔවුන් එක්ව කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව අගමැතිවරයා ප්‍රශ්න කරයි.

අගමැතිවරයා මේ අදහස් පළ කළේ, සැප්තැම්බර් 02 වන සිකුරාදා දින පෙරවරුවේ බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේ දී පැවැති ලෝක ළමා දිනය ජාතික උත්සවය අමතමිනි. ‘අපේ රට – අපේ දෑතින්’ යන්න තේමාව කරගත් මෙම උත්සවය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වාගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව එම අමාත්‍යාංශය සංවිධානය කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා, එදා මේ රට යුද්ධයකට මුහුණ දුන් බවත් අද මෙන් නිදහසේ පාරේ ගමන් බිමන් යාමට නොහැකි තත්ත්වයක් පැවැති බවත්ය. අද වනවිට කුඩා කාලයේ සිට දරුවන්ට බෙදී ජීවත් වන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් සිංහල ඉස්කෝලවල, මුස්ලිම් දරුවෝ මුස්ලිම් ඉස්කෝලවල, හින්දු දරුවන්ට වෙනම ඉස්කෝල යනුවෙන් වෙන් කරන නමුත්, ඔවුන් වැඩිහිටියන් වූ පසුව එක්ව ජීවත් වන්නැයි ප්‍රකාශ කරන බවයි. අධ්‍යාපනයේ දී බෙදිලා වෙන්වෙලා ඉගෙන ගත් අය වැඩිහිටියන් වූ පසු එකතු වෙන්නේ කෙසේ ද? එක නීතියක් එක රටක් අවශ්‍ය වන්නේ නම් බාලම කාලයේ සිට මේ බෙදීම අවසාන කළ යුතු බව පැවසුවා.

එමෙන්ම, අද වන විට අපේ මාතෘභූමිය යම් ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ නම් ඒ ප්‍රශ්න කිසිවක් අනාගත දරු පරුපුරට භාර දීමට සූදානම් නැති බව ච අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කළා. මීට වසර 15කට පමණ පෙර තමා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් බලයට පත් වන විට ජනතාව අමතා ප්‍රකාශ කළේ අප එදා මුහුණ දුන් ප්‍රශ්න අනාගත පරපුරට භාර නොදෙන රටක් නිර්මාණය කරන බව සිහිපත් කළ අගමැතිවරයා අද ඒ අනාගතය උදා වී තිබෙන බවද, එදා පරපුර මුහුණ දුන් ප්‍රශ්න අද තමා ඉදිරියේ සිටින දරුවන්ට මුහුණ දෙන්න සිදු වී නොමැති බවද සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top