ක්‍රීඩා

පිපිරීමකින් ඇෆ්ගන් ක්‍රිකට් විනිසුරු බිස්මිල්ලා මිය යයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 03 පස්වරු 11.23ට)

ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වන ඇෆ්ගනිස්ථාන ජාතික බිස්මිල්ලා ජෑන් ෂින්වාරි ඔක්තෝම්බර් 03 වන සෙනසුරාදා දින ඇෆ්ගනිස්ථානයේ නන්ගහාර් පළාතේ පිපිරීමකින් මිය ගොස් තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන මාධ්‍යවලට අනුව, සෙනසුරාදා දහවල් නැගෙනහිර පළාතේ නන්ගාර්හාර් හි දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයාගේ පරිශ්‍රය අසල කාර් බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා කර තිබෙනවා.

ප්‍රහාරයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් 07 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එසේම එම ප්‍රදේශය ලොව අංක 01 විස්සයි විස්ස පන්දු යවන්නා වන රෂීඩ් කාන් ද ජීවත් වූ ප්‍රදේශය බව පැවසෙනවා.

36 හැවිරිදි ෂින්වාරි, 2017 ගාසි අමානුල්ලා ඛාන් කලාපීය එක්දින සහ 2017–18 ඇෆ්ගනිස්ථානයේ අහමඩ් ෂා අබ්දාලි දින 4 ක තරඟාවලි සඳහා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර ජාත්‍යන්තර තරඟ රාශියක් ද මෙහෙයවා තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top