(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 04 පෙරවරු 08.58ට)
දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ්-19 ආසාදිත බව හඳුනාගෙන මේ වන විට IDH රෝහලට ඇතුළත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, සමාජයෙන් අවසන් ආසාදිතයා හමු වූ අප්‍රේල් 30 දින සිට දින 156කට පසු ඔක්තෝම්බර් 03 දින මෙම කාන්තාව ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා.
ඔක්තෝම්බර් 04 දින නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අදාළ කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව, ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු, අදාළ කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 40 දෙනෙකු පමණ නිවාස නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ කාන්තාවට කොවිඩ්-19 ආසාදනය වූ ආකාරය පිලිබඳ පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
සමාජයෙන් අවසන්වරට ආසාදිතයෙකු හමු වූයේ පසුගිය අප්‍රේල් මස 30 වන දින යි. ඉන්පසු හමු වූ ආසාදිතයින් ද සමාජයට නිරාවරණය නොවූ පුනුරුත්ථාපන මධ්‍යස්ථා ආශ්‍රිතව හමු වී තිබුණා. කෙසේ වෙතත්, මෙම කාන්තාව රෝගී වීමට පෙර මිනුවන්ගොඩ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
මේ අවස්ථාවේ දී, ජනතාව වඩාත් සැළකිළිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා.

