කොවිඩ්-19

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 04 පෙරවරු 09.47ට)

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවා පනවා තිබෙනවා.

ඒ කොවිඩ්-19 ආසාදිත කාන්තාවක් හමුවීමත් සමගයි. ඒ අනුව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර, මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට සංචරණ සීමා පනවා ඇති බවයි.

අවශ්‍යතාවයක් මතුවුවහොත් එම ගම්මාන හුදෙකලා කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළේ ය. ඔහු ඉල්ලා සිටියේ සියලු ජනතාව හැකි උපරිමයෙන් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස යි.

Rivira FB Group Rivira Youtube
To Top