(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 04 පස්වරු 12.57ට)
දිවයිනේ සියලුම පාසල් සඳහා දෙවන වාර නිවාඩුව ඔක්තෝම්බර් 05 වන සඳුදා සිට ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
මීට පෙර දෙවන වාර නිවාඩුව ලබා දීමට නියමිතව තිබුණේ ඔක්තෝම්බර මස 09 වැනි සිකුරාදා දිනයේ දී ය.

