,
Covid-19

වේයන්ගොඩටත් ඇඳිරි නීතිය පනවයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 04 පස්වරු 09.22ට)

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු වේයන්ගොඩ පොලිස්බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ දිවුලපිටියේ පදිංචි 39 හැවිරිදි කොවිඩ්-19 ආසාදිත කාන්තාවක් හමුවීම හා ඇගේ දියණියට ද වෛරසය ආසාදිත බව හඳුනා ගැනීමත් සමගයි.

අදාළ කාන්තාව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන වැඩ අධීක්ෂකවරියක් වන අතර දියණිය 16 හැවිරිදි පාසල් සිසුවියකි. සැමියා සහ අනෙක් පුතුන් දෙදෙනා යුධ හමුදාව විසින් ගාල්ල හබරාදූව ප්‍රදේශයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටී.

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවයි

Rivira Ads
To Top