(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පෙරවරු 11.25ට)
කොවිඩ්-19 වෛරසය ආසාදිත දිවුලපිටිය කාන්තාවගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ සේවකයින් 69 දෙනෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී අති බව තහවුරු වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔක්තෝම්බර් 05 දින අනාවරණය කළේ ය.
ඒ එම ආශ්‍රිතයින්ගෙන් ලබාගත් සාම්පලවල පීසීආර් ප්‍රතිඵල නිකුත් වීමත් සමගයි. එම සියලු දෙනා එම ආයතනයේ සේවක සේවිකාවන් වන අතර ඔවුන්ව රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එසේම, තවත් ආශ්‍රිතයින් 150කට අධික පිරිසකගේ පීසීආර් පරීක්ෂණ වාර්තා අද දිනයේ ලැබීමට නියමිත බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

