(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 12.08ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 05 වන සඳුදා පෙරවරු 11.30 වනවිට 3,471ක් ලෙස සටහන් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.
දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 69ක් වාර්තා වී තිබෙනවා. ඔවුන් සියලු දෙනාම ඔක්තෝම්බර් 03 දින වාර්තා වූ දිවුලපිටිය ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ සේවක සේවිකාවන් වේ.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,258කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 200ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 42ක් බවද සඳහන් වේ.
