දේශීය පුවත්

සාක්ෂි ලබාදීම සඳහා මෛත්‍රී පාස්කු කොමිසම හමුවට පැමිණෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 12.30ට)

2019 අප්‍රේල් 21 පාස්කු සිදුවීම පිළිබඳ සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔක්තෝම්බර් 05 දින ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සැප්තැම්බර් 22 දින දැනුම් දී තිබුණා.

ඒ අනුව ඔක්තෝම්බර් 05 දින පෙරවරුවේ එම කොමිසම හමුවට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් සිටින බව ‘රිවිර.lk’ වාර්තාකරු සඳහන් කළා.

එසේම පාස්කු සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද කොමිසම හමුවට ඔක්තෝම්බර් 06 දින කැඳවීමට නියමිත යි.

මීට පෙර හිටපු ජනාධිපතිවරයාගෙන් සහ හිටපු අගමැතිවරයාගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය විසින් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා

ඔක්තෝබර් 05, 06 දෙදින තුළ හිටපු ජනපති/අගමැති පාස්කු කොමිසම හමුවට කැඳවයි

Rivira FB Group Rivira Youtube
To Top