අපරාධ වාර්තා

බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ වැටලීම්වලින් පුද්ගලයින් 479 දෙනෙකු අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 03.35ට)

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඔක්තෝම්බර් 04 වැනි ඉරිදා දින උදෑසන 06 සිට අද අලූයම 05 දක්වා කාලය තුළ සිදු කළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 479 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 08 දෙනෙකු ද හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 221 දෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 118 දෙනෙකු හා නීතිවිරෝධී මත්පැන් සන්තකව සිටි සැකකරුවන් 95 දෙනෙකු සහ වන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top