Health

එස්. ශ්‍රීධරන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ධූරයේ රාජකාරි ආවරණයට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 02.38ට)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (සැළසුම්) විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් පත් කර තිබෙනවා. හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීමෙන් පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ධූරය පුරප්පාඩු වී තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන අතර සැප්තැම්බර් මුල සිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා පත් කර ඇති බව වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top