(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 03.45ට)
මිනුවන්ගොඩ රෝහල කොවිඩ්-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි. එම රෝහල කොවිඩ්-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා මේ වනවිට සූදානම් කරමින් පවතින බව ද ඔහු සඳහන් කරයි.
වෛද්‍යවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.
මේ අතර, මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් – 19 රෝගීන් කිහිපදෙනා හේතුවෙන් හදිසි තත්ත්වයක් ලෙස දැනුම්දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය එස්.ශ්‍රීධරන් සඳහන් කරන්නේ, දැනට රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිවුලපිටිය, වේයන්ගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පමණක් වන අතර, රටේ සෙසු ප්‍රදේශවල සිටින මහජනතාවට ද ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතු බවයි.
නිවෙස්වලින් පිටත පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළඳිය යුතු බවත්, නිතර අත්සේදීම හා මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ආසාදිත පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීම වැළැක්වීමට සෑමවිටම නිවැරදි ශ්වසන ආචාර විධි අනුගමනය කළ යුතු අතර, වැඩිහිටියන් ආරක්ෂා කළ යුතු අතරම එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම වන පරිදි ක්‍රියා කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මහජනතාව රැස්වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටිම මහජන වගකීමක් බව ද වෛද්‍යවරයා එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

