(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 04.15ට)
කොවිඩ්-19 රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වීමත් සමග රට තුළ පවත්නා තත්වය හේතුවෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පවත්වන දිනයන්ගේ වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 11දි න පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 සිට නොවැම්බර් මස 06 වන දා දක්වා පැවැත්වේ.
එහෙත්, විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන අතර නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සීමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු විභාග දෙපාර්තමේන්තුවේ එක්දින සහ සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව ද රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව, පහ ශ්‍රේණියේ සිසුන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 11 වැනි ඉරිදා වෙනස් කිරීමකින් තොරව පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,936ක දී මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිත ව ඇති අතර, ඒ සඳහා සිසුන් 331,694 දෙනෙකු පෙනී සිටීමට නියමිත යි.

