Education

බෞද්ධ දහම් පාසල්වලට ද නිවාඩු ලබා දෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 05.11ට)

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මේ වන විට සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දී ඇති අතර, එයට සමගාමීව ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක සියලුම බෞද්ධ දහම් පාසල්වලට ද නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පරෙුම දැනුම් දී තිබෙනවා.

දිවුලපිටියෙන් කොවිඩ් – 19 ආසාදිත කාන්තාවක් හමුවීමත් සමඟ රට තුළ පැවති තත්ත්වය හමුවේ ඔක්තෝම්බර් 05 වැනි දින සිට දෙවන වාර පාසල් නිවාඩුව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. මීට පෙර දෙවන වාර නිවාඩුව ලබා දීමට තීරණය කර තිබුණේ ඔක්තෝම්බර් 09 වැනි දින ය.

ඒ අනුව, පාසල් ආරම්භ වීමට සමගාමීව දහම් පාසල් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පිළිපදිමින් නැවත ආරම්භ කිරීමට නියමිතයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top