(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 05.30ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 05 වන සඳුදා පස්වරු 05.15 වනවිට 3,474ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව කුරුණෑගල මහරෝහලේ දී තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග යි.
දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 72ක් වාර්තා වී ඇති අතර එක් අයෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. දිනය තුළ වාර්තා වූ නව ආසාදිතයින් අතුරින්,
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර - 71
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි - 01
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව දිවුලපිටියේ පදිංචි මුල්ම කාන්තාව (ඔක්තෝම්බර් 03) ඇයගේ 16 හැවිරිදි දියණිය (ඔක්තෝම්බර් 04) සහ ඔක්තෝම්බර් 05 පෙරවරුවේ හඳුනාගත් ආසාදිතයින් 69 දෙනා සහ අවසන්වරට කුරුණෑගල මහරෝහලේ දී හඳුනාගත් ආසාදිතයින් දෙදෙනා සමග පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 73 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,259කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 202ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 56ක් බවද සඳහන් වේ.
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 69ක්
දිවුලපිටියේ ආසාදිතයාගේ 16 හැවිරිදි දියණියටත් කොරෝනා
දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා ආසාදනය වෙයි

